වී වලට චක්‍රලේඛයක්


(අංජුල මහික වීරරත්න) 

රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළ චක්‍රලේඛය  මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

2022/2023 මහ කන්නයේ වී අස්වැන්න සඳහා ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමත්, අතිරික්තය රජය විසින් මිලදී ගැනීමත්, පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමත් මෙම වැඩසටහනේ අරමුණයි.