(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙි.
2019 වසරේදී නව රජය බලයට පත්වීමත් සමග වසර තුනක කාලයක් සඳහා මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරිණි.
ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබා ඇති ජටාල් මාන්නප්පෙරුම මහතා වසර 20කට අධික කාලයක් වී අලෙවි මණ්ඩලයේ සේවා අත්දැකීම් සහිත ඉංජිනේරුවරයෙකි.
මාන්නප්පෙරුම මහතා ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි .

