එක්සත් අරාබී එමීර් රාජ්‍යයයේ අල් ඛාන් මුහුදේ දියනෑමට ගිය ලාංකිකයෙක් (23) ඊයේ (25) දියේ ගිලී මියගියේය.
මේ සම්බන්ධයෙන් සවස 7.30 ට පමණ සාජා පොලීසියට දුරකතන ඇමතුමක් ලැබී,පොලීසිය,ගිලන්රථ සහ සහන සේවා කණ්ඩායම් එහි ළඟාවන විටත් ලාංකිකයා මියගොස් තිබිණි.පසුව ඔහුගේ දේහය රෝහලට භාරදෙන ලදී.
මෙම ස්ථානයේ දිය නෑමෙන් වළකින ලෙස දැන්වීම් ද පළකර තිබිණි.

