විහාරස්ථානයකට ඇතුළුවීයැයි හිමිනමක් අත්අඩංගුවට


ප්‍රදීප් කුමාර ධර්මරත්න 
 
විහාරස්ථානයකට අයුතු ඇතුළු වීයැයි අරණායක ප්‍රදේශයේ රජ මහා විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
අයුතු ඇතුල්වීම, සාපරාධි සාවධ්‍ය පරිහරණය, අන්අයෙකු ලෙස පෙණීසිටීම යන චෝදනා යටතේ මෙම හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
මහනුවර මල්වතු මහ විහාරයේ භාරකරුවකු යටතේ පාලනය කෙරෙන  රජමහා විහාරයට මෙම හිමිනම අයුතු ලෙස ඇතුල්වී එහි වැඩවෙසෙමින් කටයුතු කිරීම නිසා දැනට විහාරයේ භාරකරු ලෙස කටයුතු කරන ගිහියකු විසින් කරන ලද පැමිනිල්ලක් අනුව මෙම හිමි නම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.