විසිරුවූ සබරගමු සභාවෙන් පත්වීම් එජාපය ජවිපෙ චෝදනා
විසුරුවා හැරුණු සබරගමුව පළාත් සභා පළාත් රාජ්‍ය සේවයට ස්ථිර හා අනියම් පදනමින් පරණ දින යොදා පත්වීම් දෙතියි එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉංගිරිසි හා දෙමළ ගුරුවරයන් ස්ථිර පදනමින් ද පළාත් සෞඛ්‍ය සේවය කම්කරුවන් අනියම් පදනමින්ද බඳවා ගනිතියි එම පක්‍ෂ දෙක කියයි.
පළාත් සභාව විසිරැවීමට පෙර පත්වීම් දුන් නමුත් විසිරැවීමෙන් පසුව පත්වීම් නොදුන් බව එහි ප‍්‍රකාශකයෙක් කියයි.

