විසි කරන කඩදාසි වාලච්චේනට ඉල්ලයි
ඉවතලන කඩදාසි පෞද්ගලික ව්‍යාපාරිකයන් ටොන් 8000ක් රට යවනු ලබන නමුත් වාලච්චේන කඩදාසි කම්හලට ලැබෙනුයේ ටොන් සියයක් පමණක් බව රාජ්‍ය සම්පත් ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා කියයි. අඩුගණනේ මෙට්‍රික් ටොන් 2000ක් වත් ලැබේ නම් කම්හලේ සියලු ප්‍රශ්න විසඳාගත හැකි බව ඇමැති පවසයි. කම්හලේ හිඟ විදුලි බිල අධිභාරය ද සමග රුපියල් කෝටි හත හමාර ඉක්මවයි. එහි මාසක විදුලි බිල රුපියල් ලක්ෂ 25කි.

