විස්සයි විස්සයි ඉතාලියටත් යයි By None // 2012 ජුනි 10 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලි පාදෝවා නගරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජය සංවිධානය කළ විස්සයි විස්සේ තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක් පාදෝවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජයට අයත් ස්ටාඩියෝ ඔගානෙයෝ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. තොස්කානා පලාත් සියනෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් විවෙන්සා නගරයේ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමත් මේ තරඟයට සහභාගී විය. සියනෑ හා පාදෝවා කණ්ඩායම් දෙක අතරේ පැවති අවසන් මහා තරගයෙන් සියනෑ කණ්ඩායම පරදවා සත්කාරක පාදෝවා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 97ක ජයග්‍රහණයක් අත්විය. පාදෝවා නගර සභාවේ අධ්‍යාපනය හා ක්‍රීඩා අංශය භාර නාගරික මන්ත්‍රීවරිය ප්‍රධාන ආරාධිතයා විය. වසර කිහිපයක සිටම තම ක්‍රීඩා පිටියට ප්‍රධාන අඩුවක්ව පැවති ක්‍රීඩා විවේකාගාරයක් දීමට පාදෝවා නගර සභාව ක්‍රියා කළ බවත් නගරාධිපති පලාවීයෝ ෂනොවැල්ලෝගේ ඉල්ලීම පරිදි පාදෝවා බල ප්‍රදේශයට අයත් පාසල් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාවට නන්වන බවත් පාදෝවා ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජය පැවසීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත