විස්සයි විස්සට වැසූ පිටිය ඇරේ
විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේ පුහුණුවීම් සඳහා වසා දැමුණු මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණය මාතර නගර වැසියන්ගේ ප‍්‍රයෝජනයට දෙන්නැයි මාතර මහාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත සිල්වා මහතා මාතර නාගරික කොමසාරිස්ට නියෝග කළේය. මාතර මහ රෝහලේ වෛද්‍ය එන්.එච්.ආර්.මෙන්ඩිස් විසින් ඉදිරිපත් කැරුණු පෙත්සම සලකා බැලූ විනිසුරු නියෝග කළේ මාතර බදු ගෙවන්නවුන්ගේ මුදලින් නඩත්තුවන කී‍්‍රඩාංගණය ඔවුන්ගේ ව්‍යායාම හා ක‍්‍රීඩා වෙනුවෙන් තිබිය යුතු බවයි. පසුගිය 15 වැනිදා සිට ක‍්‍රීඩා පිටිය වටා පොලිස් මුර යොදා ඇත.
විස්සයි විස්ස පුහුණුවීම් සඳහා ලබන 23-30 තෙක් ක‍්‍රීඩාංගණය නිදහස් කර දීමට පෙත්සම්කරු එකඟ විය.

