විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තව දින 100 යි
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තව දින 100 ක් ඉතිරිව ඇති අතර ඒ වෙනුවෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (10) උත්සවයක් පැවැත්වීය.
සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය රටවල් 12 ක සහභාගිත්වයෙන් ලබන සැප්තැම්බර් මස 18 වැනිදා සිට ඔක්තෝම්බර් මස 7 වැනිදා දක්වා කොළඹ, පල්ලෙකැළේ සහ හම්බන්තොට යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය. මෙයට සමගාමීව කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය රටවල් 8 ක සහභාගිත්වයෙන් ගාල්ලේදී සහ කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

