විස්ස නැත්නම් ඡන්දය දෙසැම්බර් 9


රංජන් කස්තුරි
 
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුණහොත් සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්ද විමසීම දෙසැම්බර් මස නව වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
 
එම ඡන්දයේ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර මස දෙවැනිදා සිදු කරන අතර නාමයෝජනා බාර ගැනීම ඔක්තෝබර් 16 ත් 23ත් අතර කාලයේදී සිදු කරන බව ද දේශප්‍රිය මහතා පවසයි.