විස්වාසම ගෝලයා ටෙලර් මැෂිමෙන් සල්ලි අරන්


හරිහැටි ඇස් නොපෙනෙන කොන්ත‍්‍රාත්කරුවකුගේ බැංකු ගිණුමෙන්  වාර 13 කදී ටෙලර් යන්ත‍්‍රයෙන් රුපියල් එක්ලක්‍ෂ තිස්දහසක් හොරෙන් ගත් බව කියන විශ්වාසවන්ත සේවකයා ගම්පොළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. ගම්පොළ උලපනේ කේ.ජී. දිනේෂ් ප‍්‍රසාද් ඔහුය.