විශ‍්‍රාම වැටුප බැංකුවෙන් පමණයි


ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ඉන්දියාව  ඕස්ටේ‍්‍රලියාව හා කැනඩාව යන රටවල වෙසෙන ශ්‍රී ලාංකික විශ‍්‍රාමිකයින් 10000කට පමණ විශ‍්‍රාම වැටුප් ගෙවීම නතර කර ඇත. මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන් මාර්ගයෙන් විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම නිසා විශාල වශයෙන් රට සල්ලි එම රටවලට ගලා යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ. තිලකරත්න මහතා පැවසීය. මින් ඉදිරියට දේශීය බැංකු මගින් විශ‍්‍රාම වැටුප් ගෙවීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය. ඉකුත් වසරේ විශ‍්‍රාම වැටුප් වශයෙන් රම රටවලට යවා ඇති මුදල රුපියල් කෝටි 50 කි.