(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ලබන සතියේ රැස් වෙනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් (පක්ෂ නායක රැස්වීම) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (2) පස්වරු 2.00 ට රැස්වීමට නියමිතය.
මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ බොහෝ දුරට දින දෙකකට සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තුව අවසන්වරට රැස්වූයේ අගෝස්තු මස 17 වැනිදාය. එම රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 6 වැනිදාට කල් තැබූ හෙයින් එදින සභාව ස්ථාවර නියෝග අනුව අනිවාර්යයෙන්ම සුළු වේලාවකට හෝ රැස් විය යුතුව ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති.
මෙතෙක් පිළිතුරු ලබා දී නැති මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස ලබන 6 වැනිදා රැස්වීමට ඉකුත් 17 වැනිදා රැස්වනු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

