සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රජය ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් විශේෂ නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව කොන්දේසි සහති විශේෂ රජයේ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
එහිදී රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් අදාළ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීමට තීරණය කර ඇත.
අනෙකුත් කොන්දේසි මෙසේය.
වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගුභාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කිරීම.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා අපක්ෂපාතිත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයකුගේ බලපෑම් සිදු නොවිය යුතුය.
සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම.
මීට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධි විධාන සලසන බව එම නිවේදනයේ දැක්වේ.

