විශේෂ කාර්ය බළකායෙන් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරි


(ඉන්දිකා රාමනායක)
 
ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුක්ෂිත කිරීම  හදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්  පොලිස් විශේෂ කාර්ය බලකා  මුලස්ථානයේ  ස්ථාපිත කර ඇති බව විශේෂ කාර්ය බලකාය මුලස්ථානය පවසයි.
 ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ‍්‍රාමික)  කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇත.

 මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය මගින් දිවයිනපුරා  විශේෂ කාර්ය බලකා කඳවුරු  දැනුවත් කරමින් ජාතික ආරක්ෂාව සහ මහජන සාමය  සුරක්ෂිත කිරීමට  අවශ්‍ය  කටයුතු සිදුකරන බවද  විශේෂ කාර්ය බලකාය  කියයි.
 
පාතාල කල්ලි සාමාජිකයන්,  සංවිධානාත්මක අපරාධ  කණ්ඩායම්,   කප්පම්කරුවන්  , නීති විරෝධී අවි භාවිතා කරන්නන්,  මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කරුවන්, පාරිසරික  වැරදි  සිදුකරන්නන්,  සම්බන්ධයෙන්  මහජනයාට තොරතුරු ලබා දිය හැකි අතර එම ලබාදෙන තොරතුරු  මෙම මෙහෙයුම් මැදිරිය හරහා   අදාල ප‍්‍රදේශ වල  විශේෂ කාර්ය බලකා කදවුරු වෙත ක්ෂණිකවම යොමුකර   විමර්ශනය කර    නීතිය කි‍්‍රයාත්මක කරන බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
 
මෙම මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදෙන  පුද්ගලයන්ගේ අනන්‍යතාව සුරක්ෂිත  කර ආරක්ෂා කරන බවත් ඉහත වැරදි කරන  පුද්ගලයන්  සම්බන්ධයෙන් තොරතුරු  011-280518, 011-2058552, 011-2506588,011-2500471, 011-2589741 යන  දුරකතන අංක වෙත හෝ  011-2588499, 011-2081044 යන ෆැක්ස් අංක වෙත දැනුම් දෙන ලෙසට  විශේෂ කාර්ය බලකාය පවසයි.
 
[email protected]  විද්‍යුත්  ලිපිනයට දැනුම් දෙන ලෙසට  විශේෂ කාර්ය බලකා මුලස්ථානය ඉල්ලා සිටියි.