(ජයන්ත සමරකෝන්)
විශ්‍රාමිකයන් 640,000ක් සඳහා සෑම මාස 6කට වරක්ම විශ්‍රාම වැටුප් පත්‍රිකාවක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තීරණය කර ඇත.
කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විශ්‍රාමික සමිති සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
රාජ්‍ය සේවකයින් 25,000ක් පමණ වාර්ෂිකව විශ්‍රාම යන අතර මාසිකව විශ්‍රාම ලබන සංඛ්‍යාව 2000ක් බවට ගණන් බලා ඇතැයිද අමාත්‍යවරයා පවසයි.
විශ්‍රාමිකයන් 640,000ක් රට පුරා සිටින අතර ඔවුන් සඳහා වාර්ෂිකව රජයට දැරීමට සිදුවී ඇති වියදම රුපියල් කෝටි 1900ත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි

