බස්නාහිර පළාත් සභාවේ අනුමත සේවක සංඛ්‍යාවේ නැති නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන) තනතුරේ කටයුතු කළ විශ්‍රාමික නිලධාරියා ඉල්ලා අස්වූ බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයයෙන් ලිඛිතව දන්වා තිබිය දී ඔහු අදත් (23) ගුරුමාරු ලිපිවලට අත්සන් තබා ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් ලෙස කාලයක් කටයුතු කළ එම නිලධාරියා පසුගිය ජනවාරි 07 වැනි දා විශ්‍රාම ගියත් ඔහුට සේවා දිගුවක් දී තිබුණු බවත්, නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් ලෙස තනතුරක් අනුමත සේවක සංඛ්‍යාවේ නැති බවත්, ගුරු සංගම් පැමිණිලි කරද්දී ඔහු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස වෙනත් තනතුරක පිහිටවූ බවත්, එවැනි තනතුරක් ද අනුමත සේවක සංඛ්‍යාවේ නැති බවත් ගුරු සංගම් ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයයේ පරිපාලන නිලධාරී ජේ සී ජයලාල් මහතා අප්‍රේල් 08 වැනි දා ලිඛිතව දැනුම් දී ඇත්තේ එම නිලධාරියා ඉල්ලා අස්වී ඇති බවයි.

