(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් ආරම්භ කර ඇති අඛණ්ඩ වර්ජනයට විසඳුමක් ලෙස විශ්‍රාමික විදුලි සේවකයින් වහාම සේවයට කැඳවීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් 2014 සැප්තැම්බර් 1වැනිදාට පසු විශ්‍රාම ලැබූ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින් හා රියදුරන් නැවත සේවයට කැඳවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද(15) නිවේදනය කළේය.
ඒ අනුව එම සේවකයින් තමන්ගේ සේවය ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට කැමති නම් තමන් අවසන්වරට රාජකාරී කළ ස්ථානයට වහාම වාර්තා කළ යුතු බවද විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කරයි.

