විශ්ව විද්‍යාලයට වැඩිපුර සිසුන් 5609ක්


මෙවර විශ්වවිද්‍යාලවලට වැඩිපුර සිසුන් 5609කු ඇතුළු කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය. 2011 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් ගැටළුව සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දුන්නේය. පෙරවසරවල විශ්වවිද්‍යාලයට ඇතුලත් කර ගත්තේ සිසුන් 21500 කි. මෙවර සිසුන් 27100ට ආසන්න  ප්‍රමාණයක් ඇතුළු කර ගැනීමට නියමිතයි. තෙවැනි වරටත්  පෙනී සිටි සිසුන්ට සිවු වැනි අවස්ථාව ද දෙන්නැයි නිර්දේශ කරන බවත් ඒ සඳහා ඇමැති මණ්ඩලය තීරණයක් ගත්යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේය. ඉසඩ් ස්කෝර් නඩුවේ තීන්දුව ඇසීමට උසාවි භූමියේ ඉදිරිපිට රැස්ව සිටි සිසුහු සහ දෙමව්පියෝ සතුට පළකළහ...