විවෘත ස්කොෂ් තරගාවලියේදී රවිඳු - නිරාෂා ශූරතා දිනති


ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කළ සම්මේලන කුසලාන විවෘත ස්කොෂ් තරගාවලියේ (2012) විවෘත පිරිමි ශූරතාව රවිඳු ලක්සිරි ද, කාන්තා ශූරතාව නිරාෂා ගුරුගේ ද දිනා ගැනීමට සමත්වුහ. තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. ඞී.එස්.සේනානායක විදුහලේ නැඟී එන ක‍්‍රීඩක රවිඳු, ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටි ගිහාන් සුවාරිස් (11/8, 7/11, 11/7, 12/10, 11/9) පරදවා විවෘත ශූරතාව දිනාගත්තේ තියුණු තරගයකින් පසුවය. 16 හැවිරිදි රවිඳු, තරගාවලියේ 19 න් පහළ ඉසව්වේ (බාලක) ශූරතාව ද දිනා ගත්තේය. විවෘත කාන්තා ශූරතාව දිනාගත් නිරාෂා ගුරුගේ හිටපු ජාතික ශූරියකි. ෂමිල් වාකීල් සහ කසුනි ගුණවර්ධන කනිෂ්ඨ ඉසව්වලදී ශූරතා දෙක බැගින් දිනා ගැනීමට සමත්වුහ. අවසන් තරග ප‍්‍රතිඵල: ● විවෘත පිරිමි ඉසව්ව රවිඳු ලක්සිරි විසින් ගිහාන් සුවාරිස් පරාජය කරන ලදී. ● විවෘත කාන්තා ඉසව්ව නිරාෂා ගුරුගේ විසින් මිහිලියා මෙත්සරණී පරාජය කරන ලදී. ● අතරමැදි පිරිමි ඉසව්ව ලාල් වික‍්‍රමසිංහ විසින් සී.එච්.තලගල පරාජය කරන ලදී. ● වයස 45 ට වැඩි (පිරිමි) ආර්.එස්.දීන් විසින් එම්.අස්මි පරාජය කරන ලදී. ● වයස 50 ට වැඩි (පිරිමි) එම්.අස්මි විසින් අජිත් අබේසේකර පරාජය කරන ලදී. කනිෂ්ඨ ඉසව් ● 9 න් පහළ (බාලක) නවිදු ලක්මන් විසින් ජී.උදයන් පරාජය කරන ලදී. ● 9 න් පහළ (බාලිකා) යෙහානි කුරුප්පු විසින් ශමින්දි ප‍්‍රගීෂා පරාජය කරන ලදී. ●11 න් පහළ (බාලක) මෙත්මල් වුඞ් විසින් රවීන් නානායක්කාර පරාජය කරන ලදී. ● 11 න් පහළ (බාලිකා) සමීරා ඞීන් විසින් දෙව්මිණී ගාල්ලගේ පරාජය කරන ලදී. ● 13 න් පහළ (බාලක) දුවින්ක පෙරේරා විසින් හිෂාන් බාලසුරිය පරාජය කරන ලදී. ● 13 න් පහළ (බාලිකා) කසුනි ගුණවර්ධන විසින් සමීරා ඞීන් පරාජය කරන ලදී. ● 15 න් පහළ (බාලක) ෂමිල් වාකීල් විසින් සෙනිඳු ඉදිවර පරාජය කරන ලදී. ● 15 න් පහළ (බාලිකා) කසුනි ගුණවර්ධන නිතරග ජයක් ● 17 න් පහළ (බාලක) ෂමිල් වාකීල් විසින් සෙනිඳු ඉදිවර පරාජය කරන ලදී. ● 17 න් පහළ (බාලිකා) නඳුනි ගුණවර්ධන විසින් රවීනා සුමතිපාල පරාජය කරන ලදී. ● 19 න් පහළ (බාලක) රවිඳු ලක්සිරි විසින් දසිත් සේනානායක පරාජය කරන ලදී. ● 19 න් පහළ (බාලිකා) මිහිලියා මෙත්සරණී විසින් ගයාරා ජයසුරිය පරාජය කරන ලදී. ඡායාරූප: ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වු ආසියානු ස්කොෂ් සම්මේලනයේ ලේකම් කේ. ශිවනේෂන් මහතා අතින් ජයග‍්‍රාහී රවිඳු ලක්සිරි සහ නිරාෂා ගුරුගේ සම්මාන ලබාගත් අයුරු.