විවාහවී වසර 88 කින් මංගල ඡායාරූපය


විවාහවී අවුරුදු 88 ට පසු සිය මංගල ඡායාරූපය ගැනීමට චීනයේ යුවලක් පසුගියදා කටයුතු කළහ. බිරිඳගේ වයස අවුරුදු 101 කි. සැමියාට 103 කි. 1924 දී ඔවුන් විවාහ වනවිට චීනයේ කැමරා ආම්පන්න නොතිබූ බැවින් විවාහ ඡායාරූපයක් නොගත් බවත් 88 වැනි සංවත්සරයේදී මංගල ඡායාරූපය ගැනීමට හැකිවූ බවත් ඔවුහු කියති.