විලෝ ගහ පොලිසිය බේරයි


බත්තරමුල්ල ලංකා බැංකුවේ ටෙ‍ලර් යන්ත‍්‍රයේ මුදල් කොල්ලකෑමට ගත් උත්සාහය අසාර්ථක වී ඇත්තේ අද අලූයම ඒ අසලින් ගමන් කළ තරුණයන් පස් දෙනකුගේ උකුසු ඇස නිසායැයි පොලිසිය හා බැංකුව කියයි. බැංකුව දෙසින් ආ ශබ්දයක් ගැන අවධානය යොමුකැර කොල්ලකරුවකු අල්ලා ගැනීමට ඔවුහු සමත් වූහ. ඔහු සිටියේ මහපාරේ ඔත්තු බලමිනි. ඔවුන්ගේ දැන්වීම අනුව පොලිසිය එහි එන විට ටෙ‍්‍ලර් යන්ත‍්‍රය කඩමින් සිටි කොල්ලකරු පොලිසියට එල්ල කළ අත්බෝම්බ ප‍්‍රහාරය විලෝ ගසක වැදීමෙන් පොලිසිය බේරුණේය. පොලිස් වෙඩි පහරින් එම කොල්ලකරු මිය ගිය අතර තරුණයන්ගේ ග‍්‍රහණයේ සිටි කොල්ලකරුද අත්අඩංගුවට ගනු ලැබීය. පැන ගිය  තෙවැන්නා අල්ලා ගැනීමට පොලිසිය මෙහෙයුමක් ඇරැඹීය. ලංකා බැංකුවේ බස්නාහිර පළාත් සහකාර මහ කළමනාකරු නිමල් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ බැංකුවේ මුදල් කිසිත් රැගෙන යෑමට කොල්ලකරුවන්ට නොහැකි වූ බවයි.