විල්වත්ත ලේ විලක් නොවේ: හැට පහකගේ ජීවිත බේරේ


මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගයෙන් විදුලි සංඥා නොතකා ධාවනය කළ පාසල් ළමයින් පිරිසක් රැගත් බස් රථයක් මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුමිරියේ නොගැටී අද උදේ අනුනවයෙන් බේරුණ බව දුම්රිය මගීහු පවසති. බස් රථයේ ගමන් කළ  ළමයින් අධ්‍යාපන චාරිකාවට සහභාගී වෙමින් සිටි බව ද බසයේ 65 දෙනකු පමණ සිටි බව ද කියයි.

දුම්රිය ගේට්ටුව වැසෙනවාත් සමගම  බසය ගේට්ටුවට සිරවී ඇත. මේ බව දුර සිටම දුටු දුම්රිය රියැදුරා මීටර් 50ක් පමණ ඈතින් දුම්රිය  නවතා ගෙන ඇති අතර ඒසැණින් බස් රථයේ රියැදුරා දුම්රිය ගේට්ටුව කඩා ගෙනම බස් රථ ඉදිරියට ධාවනය  කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.466  467 468