විල්පත්තුවේ මහා ගංජා හේනක් අල්ලයි


විල්පත්තුව වනෝද්‍යානයේ කලාඔය අසබඩ අක්කර 7ක ගංජා හේනක් වටලා පොලිස් විශේෂ කාර්ය බළකාය එහි අයිතිකරු රාජාංගනය ප්‍රාදේශිය දේශපාලනාඥයකු බව කියයි. සරුවට වැවී තිබූ මේ ගංජා වල වීදි වටිනා කම රුපියල් හාර කෝටියක් පමණ බවත් මෑතක දී ඔහු ගංජාවලින් රුපියල් කෝටි එකහමාරක් උපයා සුඛෝප භෝගී ජිප් රියක් ගැනීමට සූදානමින් සිටි බවත් තොරතුරු ලැබී තිබේ.  විශේෂ කාර්ය බළකායේ උළුක්කුලම කඳවුර මේ වැටලීම කෙළේය.