විල්පත්තුවේ දඩයමේ ගොස් අසුවෙයි



රෝවන් පෙරේරා
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දඩයමේ යෙදී සිටී පුද්ගලයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව විනජීවි නිලධාරීහු පවසති.
ඔවුන් සතුව තිබූ සමග ගිනි අවි 02ක්, පිහි 02ක්, ගිනි අවි සඳහා භාවිතා කරන පතුරන් 02ක්, වායු රයිපල් 01 ක් ඒ සඳහා යොදා ගන්නා උන්ඩ 100ක්, විදුලිපන්දම් එකක්, දඩයම් කර පිසින ලඳ මස් ඇතිලියක් ද ඔවුන් බාරයට ගෙන ඇති අතර වනජීවි වෘක්ෂලතා ආඥා පනතේ ආරක්ෂිත පක්ෂියකු වූ අලු කොබෙයියෙකු ද දඩයම් කර තිබියදී ඔවුන් බාරයට ගත් බව එලුවන්කුලම විල්පත්තුව වනජීවී උප කාර්‍යාලයේ නිළධාරීන් කියයි.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පොම්පරිප්පුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් සහා නඩු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවද වනජීවී නිළධාරීහු කියති.