(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
රත්තොට, විල්ගමුව සිට රිවස්ටන් දක්වා මාර්ගය පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලීක සාකච්ඡාවක් පසුගියදා රත්තොට ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ දී පැවැත්විණි.
මෙහිදි අනාවරණය වුයේ රිවස්ටන්හී පවතින වාහන තද බදය අවම කිරීම සඳහා වාහන නැවතුම් ස්ථාන කිහිපයක් ඇති කිරීම,හෙළ බොජුන් හලක් ස්ථාපනය කිරීම, කටාරම්තැන්න වැව සංචාරකයන්ට නැරඹීමට සුදුසු පරිදි සකස් කිරීම, සංචාරකයින්ට නවාතැන් ගැනීමට බංගලාවක් ඉදිකිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සංචාරක අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලබා දීම ඇතුළු කාරණා රැසක් එහිදි සාකාච්ඡාවට ලක්විය.
මේ දක්වා සංචාරකයින්ට පහසුකම් සංවර්ධනය කර නොමැති ස්ථාන හඳුනා ගෙන කඩිනමින් ඉදිරි කටයුතු සිදු කිරීමට ද එම රැස්වීමේ දී තීරණය විය.
ඒ අනුව රත්තොට,රිවස්ටන් සිට විල්ගමුව දක්වා මාර්ගය පුළුල් කිරීමට අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස පසුගියදා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
මේ සඳහා රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා මෙන්ම , ප්‍රාදේශීය සභා සභාපති යු.ජි.ටි.කුමාරසේන සහ රත්තොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමින්ද මල්තුංග යන මහත්වරුන් සහ රත්තොට පොලිස් ස්ථානාධිපතිතුමා ද සහභාගී වූහ.
එසේම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරිහු ද මේ සඳහා එක්වූහ.

