ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 835ක් විල්ගමුව ප්‍රාදේශීය සභාවේ නිල කැබ්රථයේ අසුන යට සැකපිට විල්ගමුව ප්‍රාදේශීය සභා සභාපති, හිටපු සභාපති සහ රියැදුරා මහියංගනය මහේස්ත්‍රාත් ගීතානී විජේසිංහ මෙනෙවිය විසින් අප්‍රේල් 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත වීරසේකර, හිටපු සභාපති රංජිත් කුමාරසිංහ සහ කැබ්රියේ රියැදුරු ප්‍රියන්ත ප්‍රදීප් යන තිදෙනාය.
ඔවුන් ගමන් ගත් කැබ්රථයේ පිටුපස අසුනේ මෙම ගංජ අසුරා තිබූ බව ඔවුන් අත්අඩංගවටගත් වලාන දූෂණ මර්දන ඒකකය අධිකරණයට දැන්වීය
විල්ගමුවේ සිට හෙබරව ප්‍රදේශයට ගංජා ගෙනයන බවට ලැබූ තිබූ තොරතුරක් මත වලාන දූෂණ මර්දන ඒකකය එම කැබ්රථය පසු පස හඹාගොස් ගංජා සමග මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
සැකකාර සභාපති සහ උපසභාපති ගංජා ග්‍රෑම් 275 මෙම කැබ්රථයේ අතිරේක රෝදයේ සඟවාගෙන යමින් සිටිය දී විල්ගමුව නිපෝන් පාලම අසලදී පසුගිය මාර්තු 01 වැනි දා විල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නාවුල අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස දහසක මුදල් හා රුපියල් 50,000 ශරිර ඇප මත මුදා හරිනු ලැබ සිටියහ. එම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල මැයි 16 වැනි නාවුල අධිකරණයේ යළි කැඳවීමට නියමිතය.

