විරෝධතාකරුවෝ මාධ්‍යවේදියාටත් හරස් වෙති


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට්    තරගය ආරම්භ කිරීමට පෙර්, ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ සහ ඕස්ට්‍රේලියා     ජාතිකයෝ පිරිසක්  මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩා සංකීරණය ඉදිරිපිට දී ශ්‍රී ලංකා රජයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවත්වූ   උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය එසැණ මාධ්‍යවේදියාගේ රාජකාරියට දිගින් දිගටම බාධා කළේය.

ඔහු එතැනින් ඉවත් කිරීමට ඔවුහු බොහෝ වෙර දැරූහ. එම කණ්ඩායමට සහාය දුන් ඕස්ට්‍රේලියා ජාතිකයකු ඔවුන්ගේ එම ක්‍රියාව වැළැක්වීය. කිසිම මාධ්‍යවේදියකුට ඇඟිල්ල දික් කිරීමට  අයිතියක් නැතැයි ඔහු ඔවුනට කියා දුන්නේය.

ශ්‍රී ලංකා රජයේ හමුදාව සාමාන්‍ය වැසියන් 40,000 දහසකට වැඩි ප්‍රමාණයක්    ඝාතනය කර ඇති බවත්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින්වන සනත් ජයසූරිය    රාජපක්ෂ රජයේ මන්ත්‍රීවරයෙකු බවත්, අර්ජූන රණතුංග එදා රාජපක‍ෂ රජයේ    කොටස් කාරයෙකු බවත්, අජන්තා මෙන්ඩිස් යුද්ධය පැවති කාලයේ ශ්‍රී ලංකා හමුදාවේ  සේවය කළ අයෙකු බවත් පවසන ඔවුහූ, අතීතයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාව     ක්‍රියා කළ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවද වහාම තහංචි පැනවිය යුතු    බව උද්ඝෝෂණයට හේතු ලෙස දෙමළ සරණාගත කවුන්සයලය, දමිල තරුණ සංවිධානය සහ    සරණාගත ක්‍රිවාකාරීත්ව එකමුතුව කියා සිටියේය.