
( එච්. චන්දන )
ආණමඩුව මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අලියකු පහරදීමෙන් පුද්ගලයකු මිය යාමේ සිද්ධියත් සමඟ උරණ වූ ගම්වැසියෝ මේ වන විට පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගය වසා දමා පුත්තලම වනජීවී සංරක්ෂණ කළාප කාර්යාලය ද වටලා තිබේ.
පුද්ගලයින් 1000 වැඩි පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිය විරෝධතාවය පළකරමින් වන අලි පහර දීමෙන් සිදු වන මරණ නැවැත්වීමට පියවර ගන්නා ලෙස කියමින් බලධාරීන්ට බල කරමින් කෑ කෝ ගසමින් මෙම විරෝධතාවයේ නිරතව සිටිති.
මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂා සඳහා කැරලි මර්දන පොලිස් කණ්ඩායම් රැසක් සුදානම් කර තිබු අයුරු දක්නට ලැබේ.
පැමිණි කණ්ඩායමේ කිහිප දෙනකු හා කොහොඹගස්වැව දිපාරාම විහාරාධිපති නීලබැම්මේ දීපධම්ම හිමියන් ඇතුළු පිරිසක් මේ වන විට වන ජීවී කළාප කාර්යාලයට ගොස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වමින් සිටිති.



(ඡායාරූප හිරාන් ප්‍රියංකර )



( ඡායාරූප - එච් චන්දන)

