පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඝාතනය ලක්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතාවයක් අතරවාරයේදී විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් හි පිහිටි ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ පිළිරුවට ගිනි තබා එය කඩා බිඳ අසළ පිහිටි ජලාශයකට විසි කළහ.
1927 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම පිළිරුව ඉදි කර ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශයක ඉදිකළ කොලොම්බස්ගේ පළමු පිළිරුව වන්නේ ද මෙයයි.
වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරයේ පිහිටි ‘බර්ඩ්’ උද්‍යානයේ පැය දෙකකට අධික කාලයක් පැවැති විරෝධතාවලින් අනතුරුව විරෝධතාකරුවන් එලෙස පිළිරුවට ගිනි තබා කඩා බිඳ ජලාශයට විසි කළේ යැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබිණි.
විරෝධතාකරුවන් පිළිරුව තිබූ ස්ථානයෙන් ‘‘කොලොම්බස්ගෙන් නිරූපණය වන්නේ ජනඝාතනයක්’’ යැයි දැක්වෙන පුවරුවක් තබා තිබෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඇමෙරිකානු මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරය යනු එරට පැරැණිම ප්‍රධාන නගරවලින් එකකි.
ඇමෙරිකානු කලාපය යුරෝපයේ කොලොනි බවට පත් වීමට මඟ පාදන ලද්දේ ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ චාරිකා යැයි සැලකේ. ස්වදේශික ඇමෙරිකානුවන් ඝාතනයට ලක්වූයේ ඉන් අනතුරුව යැයි ද පැවසේ.
ක්‍රිස්ටෝෆර් කොලොම්බස් යනු 1451-1501ත් අතර කාලයේ විසූ ඉතාලි ජාතික දේශගවේෂකයකු වන අතර හෙතෙම මිනිසුන් පදිංචි කරමින් ජනපද ස්ථාපිත කරමින් ‘කොලනි’ ඇති කළ අයකු ලෙස ද සැලකේ.

අල්ජසීරා/ඩේලිමේල්
- 055

