විරෝධතා දැක්වීමට 30 දක්වා කල්


ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඉදිරියේ සිය නීතිඥවරුන් සමග පැය එක හමාරක් පමණ අද කල්ගත කළාය. පස්වරු එකට පමණ ඇය පිටවී ගියාය. ඇයට එරෙහි දෝෂාභියෝගයට විරෝධතා ඇත්නම්  ලබන 30 වැනිදට පෙර ඉදිරිපත් කරන ලෙස ද ඇයට දන්වා ඇත. ඇමැති අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේදී දෙසැම්බර් 4 වැනි ද යළි රැස්වීමට නියමිතය.