විරෝධතා ගොනු කිරීමට අවසර
ලන්ඩනයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විකාශනය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථාව එම්.බී.සී. හා එම්.ටී.වී. රූපවාහිනී ආයතනවලට එරෙහිව ලබාගත් අතුරු තහනම ගැන ප්‍රතිඋත්තර බැඳීමට කොළඹ වානිජ මහාධිකරණය අවසර දුන්නේය. ජුනි 8 වැනිදා විරෝධතා මතු කරන ලෙසත් ජුනි 13 වැනි දා ලිඛිත කරුණු දක්වන ලෙසත් වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා එම ආයතනවලට දැන්වීය.

