වියදම සැරයි - රනිල් පොළේ සැරිසරයි


දිනෙන් දින ඉහළ යන ජීවන වියදම වැඩිවීමට රජය පියවර නොගනිතියි විරෝධය පෑමත්, ළමා අපචාර හා ස්ත‍්‍රී දුෂණවලට එරෙහිව ජනතාව පෙළගැස්වීමත් අරමුණු කර ගනිමින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පොදු විපක්‍ෂය සංවිධානය කළ උද්ඝෝෂණයකට පෙර ජනතාව දැනුම්වත් කිරීමේ අත් පත‍්‍රිකා බෙදාදීමට විපක්‍ෂ නායක හා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද නුගේගොඩ දෙල්කඳ පොළට ගියේය. නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, එක්සත් සමාජවාදී පක්‍ෂයේ ලේකම් සිරිතුංග ජයසූරි ඇතුළු විපක්‍ෂයේ නියෝජිතයෝ පිරිසක් ද, තිස්ස අත්තනායක, රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, විජයදාස රාජපක්‍ෂ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.