විමල්ගේ අපේක්ෂකට මරණ තර්ජන


විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර පළාත් සභාවේ ති‍්‍රකුණාමල දිශාවට තරග කරන ජයන්ත විජේසේකර මහතාට දුරකථනයෙන් ලැබි ඇතැයි කියන මරණ තර්ජන දෙකක් ගැන පරීක්ෂණ පවත්වන බව කන්තලේ පොලිසිය කියයි. සැප්තැම්බර් අටවැනිදාට පෙර ඉල්ලා අස්වන්නැයිද  එසේ නොකළහොත් ඔහුගේ අවසානය සිදුවේයැයිද කොළඹ අංක දෙකකින් ඔහුට මර්ණ තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.