හිටපු නිවාස ඇමැති විමල් වීරවංශ අද (09) උදේ නවයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග කියයි.
ඔහුගේ වත්කම් හා බැරකම් පිළිබඳව කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ගැනීමට නියමිතය.
වීමල් වීරවංශ අඳුරු පැහැ වීදුරු සහිත කළු කාරයකින් නීතීඥ කපිල ගමගේ මහතා සමඟ උදේ 9.30 පමණ අල්ලස් කොමිසම ඇතුළට ගියේය. ඔහු ඇතුළු වූ පසු අල්ලස් කොමිසමේ ගේට්ටුව ද වහා වසා දැමිණි.
වීරවංශ ඇතුළු සියලු දෙනාම සිතන්නට ඇත්තේ ඡායාරූප ශිල්පීන් ආපසු හැරී යන්නට ඇති බවයි. අල්ලස් කොමිසමේ ගේට්ටුවත්, තාප්පයත් ඔවුන්ගේ රාජකාරියට උදව් වූයේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)











