රංජිත් රාජපක්ෂ
මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක ඊයේ (18) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් විභාගය ලියමින් සිටින අවස්ථාවේ එම ශාලාවට පත්කර සිටි අතිරේක ශාලාධිපතිවරයකුගෙන් බාධාවක් පැමිණ ඇති බව ශ්‍රි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා චෝදනා කරයි.
එම පාසලේ පළමු ශාලාවේ සිසු සිසුවියන් 159 දෙනෙකු විභාගය ලියමින් සිටින අවස්ථාවේ සිසු සිසුවියන් අතරට පැමිණි එම අතිරේක ශාලාධිපතිවරයා හදිසියේම සිසු සිසුවියන් කිහිප දෙනෙකු පරික්ෂාවට ලක් කිරිම නිසා සිසු සිසුවියන්ගේ උත්තර පත්තර ලිවීමේ කටයුතු වලට බාධාවක් වී ඇති බවත්, ඒ තුළින් සිසු සිසුවියන්ට මානසික පීඩාවක් ඇති වී ඇති බව ස්ටාලින් මහතා පවසයි.
විභාග ශාලාධිපතිවරයාට හෝ අතිරේක ශාලාධිපතිවරයාට සිසු සිසුවියන් එවැනි පරික්ෂාවට ලක් කළ හැක්කේ විභාගය ආරම්භ වීමට ප්‍රථම බව ඔහු කියයි.
විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට සිදු වුවේයයි කියන බාධා කිරිම සම්බන්ධයෙන් එම සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ තමන්ට ලද පැමිණිලි මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරි ජෙනරාල්වරයාට පැමිණිලි කළ බව ජෝශප් ස්ටාලින් මහතා කීවේය.