විපක්ෂයට ආරාධනා කළැයි දෙදෙනකුට ගහලා
උසස් පෙළ හා ශිෂ්‍යත්වය සමත් සෞඛ්‍ය සේවකයන්ගේ දරුවනට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමට ගිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමාසහිත ණය ගනුදෙනු සමිතියේ කණ්ඩායමකට මැර ප්‍රහාරයක් එල්ල විමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොළොන්නරුව පෙලිසිය කියයි. මෙම රැස්වීමට විපක්ෂයට ආරාධනා කළැයි කියමින් සභාපති ඇතුළු පිරිසක් පහරදුන් බව එහි ලේකම් ඩබ්ලිව්.ඒ.ඩී. විමලරත්න මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
එහි ගිය අවස්ථාවේ පිරිසක් තමන්ට පහරදීමට උත්සහා කළ බවත් තමන් සමග සිටි පිරිස අතර ඉන්පසු ගැටුමක් ඇති වූ බව තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති පේමසිරි මුණසිංහ මහතා කියයි.

