විපක්ෂය ගැන පොන්සේකාට දුකයි


දෝෂාභියෝගය ගෙන ඒමෙන් රජය කළ වරද ගැන රටේ ජනතවාගෙන් බහුතරයක් තේරුම් ගෙන තිබියදීත් වගකීමක් ඇති විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක‍්‍රියා පිළිවෙත ගැන බලවත් කණගාටුවක් ඇති වන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් පෞද්ගලික ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් රජයට උඩගෙඩි දෙන ඔවුන්ට ශක්තියක් වන රජයේ හෝ වෙනත් දේශපාලනඥයින් හෝ වෙනත් කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එය ඉතාම පිළිකුලෙන් යුතුව හෙදා දකින බවද ඔහු කියයි.
ඇතුල්කෝට්ටේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම  මෙම අදහස් පළ කළේය.