(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරයේ විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් හෙට (18) පෙරවරුවේ සිට සතියක් පුරා කි‍්‍රයාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කර ඇති අතර හෙට (18) පෙරවරු 8.30 නෙළුම්පොකුණ රඟහල ඉදිරිපිටින් පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වීමට නියමිත ය.
පොලිස් නිලධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කර විනීතව රිය පදවන රියදුරන් හඳුනාගෙන ස්ථාන කිහිපයකදීම එම රියදුරන්ට ප‍්‍රසංසනාත්මක ස්ටිකර් හා ත්‍යාග වවුචර් පිරිනමන බවද පොලිස් මුලස්ථානය කියයි.
ඉකුත් අගෝස්තු මස 15 වැනි දා සිට 20 වැනිදා දක්වා මහනුවර නගරය ආශි‍්‍රතව ද මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කර තිබු බවත් එහිදී නීතිගරුක හා විනයගරුක රියදුන් 300 ට ත්‍යාග වවුචර් පිරිනැමු බවත් පොලිසිය කියයි.

