විනිසුරුවරයකු වැරැදිකරුවකු කිරීමේ නීතිමය බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් පාර්ලිමේන්තු ස්ථාවර අණ පනත් හි 78 ඒ වගන්තිය නීතියක් නොවන බවත් අභියාචනාධිකරණය අද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ කථනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කෙළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ කථනයක් පතමින් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මින් පෙර ඉල්ලා සිටියේය.

