විනිමය කොමිසමේ මහ පුටුවට ආචාර්ය ගොඩහේවා
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කැර තිබේ. තිලක් කරුණාරත්න මහතා සභාපතිධූරයෙන් ඉවත්වූ පසු එම පත්වීම සිදුකැර ඇත. ගොඩහේවා මහතා ශ්‍රී ලංකා සංචාරක හා ප්‍රවර්ධන කාර්යාංශය,ශ්‍රී ලංකා සංචාරක සම්මේලන කාර්යාංශය හා සංචාරක කළමණාකරණ ආයතනයන්හි හිටපු සභාපතිවරයාය. හෙතෙම පසුගිය මැයි මාසයේදී තමන් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වූවේය.

