විනය කඩකළ සොයිසා ශ්‍රීලනිපයෙන් නෙරපයි


(නාලක සංජීව දහනායක)

විනය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි විජිතමුණි සොයිසා මහතා සහ තවත් ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පක්‍ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව අද (12) තීරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ එම පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව විසින් මෙම තීරණය ගත් බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ලංකාදීපයට පැවැසීය.

එමෙන්ම මහ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද පක්‍ෂයේ මධ්‍යමකාරක සභාවේ අනුමැතිය හිමිවූ බවද ඔහු කීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (12) මෙම රැස්වීම පැවැත්විණි.