(කාංචන කුමාර ආරියදාස )
විදේශීය සහල් ගෙන්වීමට අවශ්‍ය නොවන බවත් රටේ අවශ්‍ය පරිදි වී තොග පවතින බවත් සමස්තලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියයි. වී තොග සඟවා රට තුළ සහල් මිල ඉහළ දමා තිබෙන බව ද ඒ මහතා කියයි .
පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාද හාල් කිලෝව රුපියල් 100 කට මිලදී ගන්නා බවත් නිතිය ක්‍රියාත්මක කිරීමට බියක් දක්වන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
රට පුරා විසිරි ඇති සහල් නිෂ්පාදකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුව එයට සහයෝගය ලබාදෙමින් සිටින බවත් මේ තත්ත්වය ගැන ජනපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කර විසඳුම් නොලැබේනම් 2020 වනවිට ආණ්ඩුව පෙරලා දැමීමට සුදානම් බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
දඹුල්ල ප්‍රදේශයේ අද(18) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.

