විදේශිකයන්ට මත්වෙන්න සුපිරි හෝටල්


(රංජන් කස්තුරි)

සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ සුරක්ෂිත හා අරක්ෂිත පළමුපෙළේ හෝටල්වල විදේශිකයින්ට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදී තිබේ.

එහෙත් එම හෝටල්වලට පිවිසෙන දේශීය සංචාරකයින් හෝ අමුත්තන් සඳහා අදාළ නොවන බවද සුරාබදු දෙපාර්තුමේන්තුව කියයි. 

මෙලෙස අවසර හිමිවන හෝටල්වල නාමලේඛනය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය වන http://sltda.gov.lk ඔස්සේ ප්‍රසිද්ධකර තිබේ.