විදේශගතවන්නට ‘සුහුරු’ කාඩ්පතේ රියදුරු බලපත්


(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ ‘සුහුරු’ කාඩ්පත් 50,000 ක පමණ ප්‍රමාණය විදේශගතවන්නට රියදුරු බලපත්‍ර ලබාදීමට යොදාගන්නා බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.  

ඔස්ට්‍රියාවෙන් ආනයන කරන මෙම ‘සුහුරු’ කාඩ්පත් සඳහා ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකු සතුව යූරෝ ලක්ෂ හයක් නොමැති වීම මෙම තත්වයට හේතුව බවත් මීට මාස කීපයකට පෙර එම කාඩ්පත් ඇනවුම්කර තිබුණ ද ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එම උසස් නිලධාරියා කීය.  

නව රියදුරු බලපත්‍ර සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා මේ වන විට තාවකාලික රියදුරුපත් නිකුත් කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බව වාර්තා වේ.