විදේශ සේවා ප්‍රධානීන්ගේ ඉල්ලීමට බෑ කියයි


 

(කැළුම් බණ්ඩාර)

දේශපාලන හිතවත්කම් මත විදේශ සේවය සඳහා බඳවාගන්නා ලද නිලධාරීන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වැඩිපුර කල් ඉල්ලා සිටියද රජය ඒ සඳහා අවසර දී නැති බව වාර්තා වේ.

කලින් පැවැති රජයේ දේශපාලන හිතවත්කම් මත පත්කරන ලද සියලුම විදේශ සේවා ප්‍රධානීන්ට නැවත සියරට පැමිණෙන ලෙස රජය මේ වන විටත් දැනුම් දී තිබේ.

ඔවුන් සියලු දෙනාම මේ මස (දෙසැම්බර්) 31 වැනිදාට පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණිය යුතු නමුත් ඇතැම් දෙනා මාස කිහිපයක් කල් ඉල්ලා තිබේ.

එහෙත් ඔවුන්ගේ එම ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇතැයි වාර්තා වේ.

ඔවුන් නැවත පැමිණීමෙන් පසුව විදේශ සේවය සඳහා නව කණ්ඩායමක් පිටත්කර හැරීමට රජය සූදානමින් පසුවෙයි.

විදේශ සේවා ප්‍රධානීන් 20 දෙනකුට වැඩි පිරිසකට නැවත සියරට පැමිණෙන ලෙස රජය මේ වන විටත් දැනුම් දී තිබේ.