විදේශ ඇමති දිනේෂ් හෙට ජිනීවා නුවරට


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයරය ඇමතීම සඳහා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හෙට  (25) උදෑසන ජිනීවා නුවර බලා පිටත්වීමට නියමිතය. 26 හා 27 දෙදින මානව හිමිකම් සැසිවාරය අමාත්‍යවරයා විසින් අමතනු ලබයි.

මෙම සැසිවාරය අතරතුර ඔහු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් සහ බ්‍රිතාන්‍ය මානව හිමිකම් පිළිබඳ ඇමතිවරයා හමුවීමට නියමිතය. මීට අමතරව ඇමතිවරයා ජිනීවාහි සිටින ශ්‍රී ලාංකිකයන් ද අමතනු ඇත. විදේශ ඇමතිවරයා නිල සංචාරය නිමකර 29 දින ලංකාවට පැමිණීමට නියමිතය.