(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය හමුවේ මෙරටට ගෙන්වා ගන්නයි ඉල්ලා ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් 7000ක් පමණ මේ වනවිට ගෙන්වාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් හතළිස් දහසක් පමණ මෙරටට පැමිණීමට සූදානමින් ලියාපදිංචිවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ගිය සතියේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී දැනුම් දුන්නේ ඇයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.
ඔවුන් සියලු දෙනාම ලංකාවට එනු ඇතැයි අපේක්ෂා නොකරන බව කී හෙතෙම ඉන් අඩක් පමණ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කීවේය .
නිරෝධායන මධ්‍යස්ථාන වල සහ රෝහල් වල ධාරිතාව අනුව දිනක් හැර දිනක් වශයෙන් ඔවුන් ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මෙරටට ගෙන්වා ගත් පිරිසෙන් කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් හඳුනාගනු ලැබුවේ කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් යන රටවලින් පැමිණි පිරිස් අතරින් යැයියි ද ඔහු කීවේය.
කොරෝනා ආසාදිතයන් සමාජයෙන් වාර්තා වීම මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වී ඇතැයි ද ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

