විදෙස් රටවලින් පැමිණි ලාංකිකයින් 578 දෙනකුට කොරෝනා


(ඉන්දිකා රාමනායක)

විදේශ රටවලින්  මෙරටට පැමිණ ශ්‍රී ලංකිකයන් ගෙන් 578 දෙනෙක් ම කොරෝනා ආසාදිතයන් බවට හදුනාගෙන ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.

මෙම පිරිස අතරින්   359 දෙනෙක්   කුවෙට් සිට මෙරටට පැමිණි  පිරිස බවද හමුදාපතිවරයා  කියා සිටියේය.

විදේශ රටවල සිට  ශ්‍රී ලංකිකයන් 6500 ට වැඩි පිරිසක්  මේ දක්වා මෙරටට පැමිණ සිටින බවද  හමුදාපතිවරයා  සදහන් කළේය.

මේ අතර  නිරෝධායන මධ්‍යස්ථාන 43 ක  පුද්ගලයන් 5282 ක් පිරිසක් නිරෝධායන වන බවද හමුදාපතිවරයා සදහන කළේය.

මෙම පිරිස අතර විදේශ රටවල සිටි පැමිණි පිරිස හා නාවික හමුදා සාමාජිකයක්  පිරිසක් සිටින බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.