විදෙස් රටවල සිටි 446 ක් ලංකාවට


Unbiased Review of Srilankan Airlines Economy Class

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 446 දෙනෙකු අද (09) සවස කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 422 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-2528 දරන ගුවන් යානය ඩුබායි සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මීට අමතරව සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-303 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ප්‍රංශයේ පැරිස් නුවර සිට එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-564 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.